මටත් අසම්මත ආදරයක් තියෙන්න බැරි නැහැ - පියුමි බොතේජු


හැම මනුස්සයෙකුටම අසම්මත ආදරයක් තියෙන්න බැරි නැහැ
 පියුමි බොතේජු නිතර දැකපු ඒත් දැන් වැඩිපුර නොපෙනෙන කෙනෙක්. පියුමිගේ පෙනුමත් දැන් ටිකක් වෙනස්. ඇගේ ඒ අලූත් පෙනුම නිසාත් ඇය ගැන ගොඩ දෙනෙක් කතා කළා.

ඒත් ඇය නිහඩයි. අපි පියුමිට කතා කළේ මේ දවස්වල වැඩි කතාබහක් නැත්තේ ඇයි කියලා දැන ගන්න.

දැන් වැඩිපුර පෙන්නේ නැහැ. මොනවාද මේ දවස්වල කරන්නේ?


 විදේශ සංචාරයක ගියා. ඒ ගිහින් ඇවිත් දැන් ටිකක් විවේකයෙන් ඉන්නවා.
ජුලි මාසයේදී තව වැඩ දෙක තුනක්ම පටන් ගන්නවා. ඒ වැඩවලටත් ටික ටික ලැස්ති වෙනවා.

ඒ කිව්වේ?

ඊලඟට කරන්න තියෙන ටෙලි නාට්‍යයට මම ගොඩක් කෙට්ටු වෙන්න  ඕනෑ. අතට අහුවෙන  ඕනෑ කෑමක් කන කෙනෙක් නිසා කෙට්ටු වෙන්න මට ටිකක් මහන්සි වෙන්න වෙලා. ඒ නිසා මේ දවස්වල ජිම් යනවා. කෙට්ටු වෙන්න.

දැන් ඉන්න ජනප‍‍්‍රිය නිළියන්ගේ ලැයිස්තුවේ පියුමිගේ නම නැද්ද?

අද ජනප‍‍්‍රිය වීම රැුල්ල වෙලානේ. සමහරු අධ්‍යක්‍ෂවරු කියන්නේ ඒඅ යට අනිවාර්යයයෙන්ම චැනල් එක තියෙනවා. ඒ නිසා කවුරු දාලා කළත් කමක් නැහැ කියලා. මම නිකම්ම චරිතෙකට පෙනි ඉඳලා සල්ලි ගන්න කැමැති කෙනෙක් නෙමෙයි. ඔය කියන ටෙලි නාට්‍යවල තියෙන්නේ රඟාන්න නෙමෙයි. පෙනි ඉන්නනේ. ඒ වගේ නාට්‍යවලට මම යන්නේ නැති නිසා දැන් ජනප‍‍්‍රිය ලැයිස්තුවේ මම නැතිව ඇති. ඒත් මම ජනප‍‍්‍රියයි. මිනිස්සු මට ආදරෙයි.

අලූත් මුණ වැඩි වැඩියෙන් තියෙන එක හොඳයිද?

ඒ අය ඇත්තටම රඟපෑමට ආදරෙන් එනවානම් ඉතිං හොඳයි. ඒත් දැන් ඉන්නේ නළු නිළියෝ නෙමෙයි. මුණ පෙන්න ගන්න ආසාවෙන් ඉන්න කෙල්ලෝ කොල්ලෝ ටිකක්.

රංගන ශිල්පිනීයන්ට පසුගිය කාලේ බොහෝම කතා හැදුණා. ඒකටත් හේතුව මේ අලූත් අය කියලා ද හිතන්නේ?

රංගන ශිල්පීණියක් වෙන්න ගොඩක් කැප කිරීම් කරන්න  ඕන. එක නාට්‍යයකට යන්තම් මුණ දාගෙන නිළියක් වෙන්න පුළුවන් කියලා සමහරු හිතනවා. අර ගණිකා මඩමෙන් අහවල් නිළිය අහුවුනා කියලා නිව්ස් යන්නේ එහෙම එක පාරක් යන්තම් මුණ ඔබාගෙන නිළියෝ වෙන අය නිසා.

පියුමිට වැඩිපුර වැඩ නොලැබෙන්නේ අය කිරීම් වැඩි නිසා නොමෙයිද?

අපේ රටේ හැමදේම ගණන් වැඩි වෙද්දි කලාකාරයෙකුට ගෙවන ගාණත් වැඩි වෙන්න  ඕනනේ. හැබැයි මුණ පෙන්නන්න ආපු අය ගණන් ගණන් බැලූවම ඉතිං අපි වැඩිපුර සල්ලි ගන්නවා කියලා හිතෙනවා ඇති.

ඔය අලූත් අය එක්කත් පියුමි වැඩ කරලා තියෙනවා නේද?

වැඩ නම් කරලා තියෙනවා. මමත් එක්ක වැඩ කරද්දි නම් අලූත් අයට මම කියලා දෙනවා කරන්න  ඕන දේ. මොකද මගේ චරිතෙ වුණත් හරියට කරගන්න ඒ චරිතවල සහයෝගය  ඕනනේ. එහෙම නැතිව කා එක්කවත් තරහා නැහැ.

ඔහොම කතා කරද්දි කෙනෙකුට හිතෙයි පියුමි ක්‍ෂේත‍‍්‍රය ගැන කලකිරිලා කියලා?

කලකිරීමක් තියෙනවා. නැත්තේ නැහැ. මට කලකිරීම තියෙන්නේ සුදුසු කෙනාට සුදුසු තැන නැති එක ගැන.

රඟපෑමෙන් හොඳ දෙයක් කරන්න ප‍‍්‍රධාන චරිතෙම හම්බ වෙන්න  ඕනද?

තමන්ගේ වැෙඬ් හරියට කරනවා නම් ප‍‍්‍රධාන චරිතෙම  ඕන නැහැ. මම පබා එකේ කළේ ප‍‍්‍රධාන චරිතය නෙමෙයි. ඒත් හම්බවුණ එරිතෙ මම හරියටම කළා. ඒකයි මිනිස්සු අදටත් ඒ චරිතෙට කැමැති. සමහරු අදටත් මට කතා කරන්නේ හිමාලි කියලා.

හිමාලි ජනප‍‍්‍රිය වුණ නිසා ඊට පස්සෙත් සමහර නාට්‍යවල වෙන නම්වලින් හිමාලිලා හිටියා?

මේ ළඟදී ගියපු නාට්‍යයකත් හිමාලි කෙනෙක් හිටියා. මටත් මගේ හිතවත් කිහිප දෙනෙක් කිව්වේ ඒ නිළිය මම වගේ වෙන්න හදනවා කියලා. මට ඒ නිළියගේ නමත් කියන්න පුළුවන්. හැමෝම කියපු නිසා මමත් ඒක බැලූවා. ඒවා බැලූවම දුකයි.

හැමදාම නොපෙනුණාම මිනිස්සුන්ගේ ආදරේ නැති වෙනවාද?

 ඕනෑවට වැඩිය පෙනුණාමත් මිනිස්සුන්ට එපා වෙනවා. අපේ රඟපෑම්වලට ආදරේ කරන අය අපිට හැමදාම ආදරෙයි. ඒක වෙනස් වෙන්නේ නැහැ.

ජනප‍‍්‍රියතම කරදරයක් වෙලා නැද්ද?

මට ලැබිලා තියෙන ජනප‍‍්‍රියත්වය කවදාවත් මට කරදරයක් වෙලා නැහැ. ජනප‍‍්‍රියතම නිසා කොහේ කොතැන ගියත් හඳුනන කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා. මම හිතන්නේ ඒක ලොකු වාසනාවක් කියලා.

පියුමි බොතේජු වෘත්තීය රංගන ශිල්පිණියක්ද?

රංගන තමයි මගේ වෘත්තීය ඒ වුණත් රංගනයටම සම්බන්ධ හඩ කැවීම්, නිවේදනය වගේ දේවලූත් කරනවා.



වැඩිපුර කටකතා හැදෙන ක්‍ෂේත‍‍්‍රයක් වෘත්තීය විදිහට තෝරා ගත්තේ ඇයි?

මම මේ ක්‍ෂේත‍‍්‍රයට එද්දි දැනගෙන හිටියා මේ ක්‍ෂේත‍‍්‍රයේ දී කතා හැදෙනවා කියලා. ඒත් හරියට ඉන්නවා නම් කාටවත් බැහැ කටකතාවලින් අපිව වට්ටන්න. අනික මගේ ගෙදර අයට මාව විශ්වාස නම් කට කතාවලට මුකුත් කරන්න බැහැ.

පියුමිට කටකතා හැදිලා නැද්ද?

කටකතා නම් හැදිලා තියෙනවා. ඒ වුණාට මම ඒවා ගණන් ගන්නේ නැතිව මගේ පාඩුවේ ඉන්නවා.

ක්‍ෂේත‍‍්‍රයේදී තරහකාරයෝ ඉන්නවාද?

මම කොතන කවුරු එක්ක වැඩ කළත් ඒ තැනේ හැටියට හැඩ ගැහෙනවා. ඒ නිසා මට තරහාකාරයෝ නැහැ. හැමෝම මගේ යාළුවෝ. හැබැයි ඉතිං කැපිලි දාපු අය නම් නැත්තේ නැහැ.


පියුමි විවාහ වුණේ රංගනයට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක්. ඇයි එහෙම තීරණයක් ගත්තේ?

රංගන ක්‍ෂේත‍‍්‍රයේ දෙන්නෙක් එක්කම මගේ සම්බන්ධකම් තිබුණා. ඒත් ඒ සම්බන්ධවලදී මට තේරුණා එකම ක්‍ෂේත‍‍්‍රයේ දෙන්නෙක් විවාහ වෙද්දි ගැටළු ඇති වෙනවා කියලා. ඒ නිසා මම ඒ දේවල් අතහැරියා.

ඒත් දැන් ඒ විවාහය ගැනත් එක එක කතා හැදිලා?

මම ජනපි‍‍්‍රය වුණාට මට පුද්ගලික ජිවිතයක් තියෙනවා. කතා හැදිලා බව ඇත්ත. සමහරු මගෙන් දික්කසාදේ ගැනත් ඇහුවා. මම ඒ කාටවත් මුකුත් කියලා නැහැ. ඔයාටත් කියන්නේ නැහැ.

විවාහ වුණාට පස්සේ තව කෙනෙකුට ආදරය කරන්න පුළුවන්ද?

ඒක ඉතිං පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. හැම මනුස්සයෙකුටම අසම්මත ආදරයක් තියෙන්න බැරි නැහැ. ජනප‍‍්‍රිය වුණා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. ජනප‍‍්‍රිය නැහැ කියලත් වෙනසක් තියෙන්න බැහැ.

පියුමිට තාමත් ආදර යෝජනා එනවාද?

අපෝ ඉල්ලිම් නම්  ඕන තරම්. ඉස්සරටත් වඩා වැඩියි වගේ. මොකද මගේ පෙනුම දැන් වෙනස් වෙලානේ. කොණ්ෙඬ් එහෙම කපපු එකට ගොඩක් අය කැමැතියි.

ඒ අය ගැන හිතක් ඇති වුනොත්?

එහෙම හිත හිත ඉන්න ගියොත් වෙන වැඩක් නැති වෙයි.

රංගනයෙන් ඈත් වුණ දවසක මොකද කරන්නේ?

මට තාම ඒ වගේ දෙයක් හිතිලා නැහැ. හැබැයි බිස්නස් නම් කරන්නේ නැති වෙයි. මොකද මම දන්නවා මගේ හිත හොඳ වැඩියි කියලා. හිත හොඳ වැඩි වුණාම බිස්නස් කරන්න බැහැනේ.

් නෙලූෂා සිල්වා

 රිවිර රිවිසරසි


















Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ