මම බෝයිස්ලට ආසයි - මහේෂි
මුතු පලසේ සුද්දී නැතිනම් මුතුනි මුතු ඔබට මතකද ? ඔය නම්වලට වඩා මහේෂි මධුසංඛා කිව්වොත් මේ දිනවල නොදන්නා කෙනෙක් නැහැ කියලයි අපටනම් හිතෙන්නේ. ඔන්න මහේස්හිත් පසුගිය දවසක රූගත කිරීමකදී ලොකු අනතුරකට මුහුණ පාලා . ඒ කතාව අය අපට මෙසේ පැවසුවා .
මහේෂි පහුගිය දවස්වල පොඩි අනතුරකට මුහුණ පැවයි කියලත් ආරංචි ?
අලූත් ටෙලිනාට්‍යක් රූගත කරන්න ගිහින් තමයි ., මේ සිද්ධිය වුණේ . කිතුල්ගල කැලේ තමයි රූගත කිරීම් සිදු කළේ. ග`ගක බෝට්ටුවක් අරන් ගිහින් පෙරළුවා. අධ්‍යක්ෂකවරයාට හරියටම ඒ සිදුවීම ගන්න ඕන නිසා තමයි එහෙම කරලා තියෙන්නේ. හැබැයි ඔවුන් කව්රුත් මුලින් කිව්වේ නැහැ බෝට්ටුව වතුරට පෙරලනවා කියලා . මට හරියට පීනන්නත් බැහැ . මගේ ජීවිතය නූලෙන් බේරුනා .
මොකද්ද හරියටම වුණේ කිව්වොත් ?
අපි විනෝද චාරිකාවක් ගිහිල්ලා ග`ගක බෝට්ටු සවාරියක් යනවා . ඒ වෙලාවේ බෝට්ටුව පෙරලිලා මාව අතුරු දහන වෙනවා . බේරා ගන්න එතනට තරුණයෙක් එනවා . ඔහු නිරෝෂන් විෙ–සිංහ . පස්සේ ඔවුන්ට මේ සිදුවීම හරියටම ලබා ගන්න මාව වතුරේ ගහගෙන යන්න ඕනේ . එකට ඔව්න් බෝට්ටුව පෙරළුවා. විනාඩි දෙකක් විතර මම බෝට්ටුවට යට වෙලා හිටියා .
මොකද්ද ඒ වෙලාවේ හිතුවේ ?
මම හිතුවේ මාව මැරෙයි කියලා . හොඳ වෙලාවට මට ජීවත් වෙන්න වාසනාව තිබුණා . කාටවත් වරදක් නොකරන හින්දා මගේ ජීවිතය බේරුණා.
ඝලොකු ජීවිත අවදානමක් එක්ක තමයි මේ රංගනය කිරීම සිදු වුණේ ?
ටෙලිනාට්‍යක රංගනය කරද්දී අපට හැමදේකම අවදානමක් තියෙනවා. මම වතුරට හරියට බයයි. ගංගාවල ඇළ වල නාන්න යන්නේ නැහැ . මොකද මට පිහිනන්න බැහැ.
ආපහු ර`ගපාන්නේ නැහැ කියලා හිතුනද?
අනේ එහෙම දෙයක් නැහැ . මම ගොඩක් අත්දැකීම් ලබන්න කැමති .
මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ ?
බොහොම නිහතමානීව ඒක භාර ගන්නේ . මොකද ජනප්‍රියත්වය කෙටිකාලීනයි . හැමෝ එක්කම සුහදව වැඩ කළොත් ඒක රැුක ගන්න පුළුවන් .
මහේෂිට මෙතන දිගටම රැුඳිලා ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවද ?
ඇයි මොකද බැරි . මම අනිවාර්යෙන් මෙතන දිගටම රැුඳිලා ඉන්නවා . මම එතනින් කිසිම වෙලාවක සමු ගන්න සුදානමක් නැහැ .
දකින දකින නාලිකාවේ මහේෂිව දකින්න ලැබෙනවා . මිනිස්සුන්ට මහේෂිව එපා වෙයි ද?
මම රංගපෑ නාට්‍ය කිහිපයක් එක දිගට විකාශය වුණා. ඒක හින්දා වෙන්න ඇති ඔහොම අහන්නේ . ගොඩක් වෙලාවා සමහර නාට්‍ය රූගත කරලා නාලිකාවන්ට ලබාදීල බොහෝ කාලයක් බලා ඉන්න වෙනවා විකාශය වෙනකම් . හැබැයි මගේ වාසනාවක් ද කොහෙද මම ර`ගපෑ නාට්‍ය සියල්ල බොහොම කෙටි කාලයක් ඇතුළත විකාශය වුණා .
මුතු පලස ඡුායා නිසා නේද ඔබ වඩාත් මිනිස්සු අතරට ගියේ ?
එහෙම කියන්න බැහැ . මම රංගපෑ හැම නාට්‍යක්ම අසාර්ථක වුණා කියන්න බැහැ . මගේ පළමු නාට්‍ය මුතුවරුසා . ඒකත් කොච්චර ජනප්‍රිය වුණාද ?
ඝපහුගිය කාලයේ වැඩිපුර මාධ්‍ය ඉදිරියට අවේ නැහැ නේද ?
මෙගා නාට්‍ය හතරක එක දිගට වැඩ කළා. මම සාමාන්‍යයෙන් කැමති නැහැ පත්තරවල පොටෝ වලට මූණ දීලා තෑන්ක්ස් කරන්න .හරියට විවේචනයක් ලැබුණවිට මාධ්‍ය ඉදිරියට එනවා කියලා තමයි හිතාගෙන හිටියේ.
පුංචි තිරයේ හමු වූ හොඳම පෙම්වතා කව්ද?
තිරයේ හමු වූ හැම පෙම්වතෙක්ගෙන්ම ලොකු සහයක් මට ලැබුණා . ඇත්තටම මම හරි වාසනාවන්තයි.
ඔය අතරින් සුවිශේෂී පෙමවතා කව්ද?
සුවිශේෂී කෙනෙක් එහෙම කියන්න බැහැ.මම හැම පෙම්වතෙකුටම ආදරෙයි. හැබයි කැමරාව ඉදිරියේදී විතරයි. ඒ හැම පෙම්වතාම තිරයෙන් පිටුපස සහෝදරයෝ වගෙයි.
තිරයෙන් පිටුපස ඔවුන් සම`ග පෙම්කතා ගොඩ නගා ගන්න බැරිකමක් නැහැනේ ?
තිරයේ හමු වුණ පෙම්වතුන්ට තිරයෙන් පිටුපස පෙම්කරන්න බැහැ . මොකද ඔවුන් හැමෝම කසාඳ බැදලා .
හැබැයි ආදර යෝජනා නැතිවම නෙවෙයි නේද?
ලබන ඔක්තෝම්බර් 28 වෙනිදාට මගේ විසි දෙවැනි උපන්දිනය සමරනවා . වයස අවුරුදු විසි හතරේදී පෙම්වතෙක් හොයාගෙන විසි පහේදී අනිවාර්යෙන්ම කසාඳ බඳිනවා .
තවම පෙම්වතෙක් නැහැ . බොරු නේද?
අනේ නැහැ . මොකද මේ කාලේ පෙම්වතෙක් හිටියොත් ප්‍රශ්න පෙම්වතෙක් සොයා ගත්තම නිතරම ඔහු ගැන සොයා බලන්න වෙනවා .මොකද මගේ වැඩ විතරක් සොයා බැලූවම මදිනේ . මේ වසරේදී මම මූලිකත්වය දෙන්නේ ර`ගපෑමට
ර`ගපෑම ආදරයට බාධාවක් වගෙයි ?
මට තවම අවුරුදු විසි දෙකයි . තව ගොඩක් දුර යන්න තියනවා . පෙම්වතෙක් හොයා ගන්න තව කල් තියනවා.
*මිවිත*
Comments
Post a Comment