අපෝ අවුරුදු 40ත් වයසක්ද? - කාජල්
කොහොමද 40 වෙනි උපන්දිනය දැනෙන්නේ?
උපන්දිනය නම් විශිෂ්ටයි. හරිම විනෝද පිස්සු කාලයක් ගතකළා. අම්මා, සහෝදරිය සහ දරුවන්, පවුලේ අය එක්ක දවල් කෑමට එළියට ගියා. තවමත් මම සතුටින් ගල් ගැහිලයි ඉන්නෙ.
ඔබ “උපන්දිනය” හඳුන්වන්නේ කොහොමද?
උපන්දිනය කියන්නෙ විශේෂිත දෙයක්. පළමුවැනි දේ තමයි උදේ නැගිටිද්දි කාටවත් මට කියන්න කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ. මොකද මගේ උපන්දින සැමරුම පටන්ගත්තෙ සතියකට කලින් ඉඳලයි. සෙනසුරාදා ඉඳන් ඉරිදා වෙනකල්ම නිල නොවන උපන්දින සාද තිබුණා යාළුවො එක්ක. මම බලාපොරොත්තු වෙනවා මේ වසරත් කලින් වගේම පී‍්‍රතිමත් වසරක් වෙයි කියලා.
මිනිස්සු කියනවා අවුරුදු 40 න් පස්සෙ ජීවිතේ වෙනස් වෙනවා කියලා. ඔබ එකඟයිද?
ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඒක ජීවිතේ තව එක සැතපුම් කණුවක් විතරයි. උපන්දිනය අපිට මතක් කරලා දෙනවා අපි යන්නෙ හරි පාරෙද කියලා කල්පනා කරන්න. වාසනාවකට තවම මට 40 යි. මම හරි පාරෙ යමින් ඉන්නවා. උපන්දිනේ මට අවස්ථාවක් දුන්නා මම කොයිතරම් දේවල් ජීවිතේට එකතු කරගෙන ඉන්නවද කියලා බලන්න.
ඔබ හිතන්නේ වයස කියන්නේ තවත් එක ඉලක්කමක් විතරයි කියලද?
දැනට එහෙම තමයි. එය ඔබේ සෞඛ්‍යයේ අභිවෘද්ධිය සහ ආයුෂ පිළිබඳ සිහිකරන ඉලක්කමක් විතරයි. අද අපිට උකුළ, හදවත, දණහිස සහ ඕනෑම ශරීර අංගයක් ඕනම වයසකදී බද්ධකරගන්න පුළුවන්. ඔබේ සිනහව වසර කිහිපයක් ගතවෙද්දි අඩුවෙන්න දෙන්න අවශ්‍ය නැහැ. මම මේ කතා කරන්නෙ රූපලාවණ්‍ය ගැන නෙවෙයි. වෛද්‍ය විද්‍යාව අපේ දීර්ඝායුෂ ගැන සහතික කරනවා. ඉතින් ඒ නිසා අවුරුදු 40ක් කියන කාරණය මම පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ.
ඔබ රූපලාවණ්‍ය සැත්කම් ගැන මොකද හිතන්නේ?
ඒක නම් ටිකක් අන්තරාදායක මාතෘකාවක්. මට කරදරකාරී අනවශ්‍ය උපන් ලපයක්
තියෙනවා නම් ඒක ඉවත් කරගන්න, ඇසිඩ්වලින් නැත්නම් ගින්නෙන් පිලිස්සුණු කෙනෙක් ප්‍රකෘති තත්ත්වයට ගන්න නම් ඒ සැත්කම් වැදගත්. උපන්දිනය නම් විශිෂ්ටයි. හරිම විනෝද පිස්සු කාලයක් ගතකළා. අම්මා, සහෝදරිය සහ දරුවන්, පවුලේ අය එක්ක දවල් කෑමට එළියට ගියා. තවමත් මම සතුටින් ගල් ගැහිලයි ඉන්නෙ.
ඔබ “උපන්දිනය” හඳුන්වන්නේ කොහොමද?
උපන්දිනය කියන්නෙ විශේෂිත දෙයක්. පළමුවැනි දේ තමයි උදේ නැගිටිද්දි කාටවත් මට කියන්න කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ. මොකද මගේ උපන්දින සැමරුම පටන්ගත්තෙ සතියකට කලින් ඉඳලයි. සෙනසුරාදා ඉඳන් ඉරිදා වෙනකල්ම නිල නොවන උපන්දින සාද තිබුණා යාළුවො එක්ක. මම බලාපොරොත්තු වෙනවා මේ වසරත් කලින් වගේම පී‍්‍රතිමත් වසරක් වෙයි කියලා.
මිනිස්සු කියනවා අවුරුදු 40 න් පස්සෙ ජීවිතේ වෙනස් වෙනවා කියලා. ඔබ එකඟයිද?
ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඒක ජීවිතේ තව එක සැතපුම් කණුවක් විතරයි. උපන්දිනය අපිට මතක් කරලා දෙනවා අපි යන්නෙ හරි පාරෙද කියලා කල්පනා කරන්න. වාසනාවකට තවම මට 40 යි. මම හරි පාරෙ යමින් ඉන්නවා. උපන්දිනේ මට අවස්ථාවක් දුන්නා මම කොයිතරම් දේවල් ජීවිතේට එකතු කරගෙන ඉන්නවද කියලා බලන්න.
ඔබ හිතන්නේ වයස කියන්නේ තවත් එක ඉලක්කමක් විතරයි කියලද?
දැනට එහෙම තමයි. එය ඔබේ සෞඛ්‍යයේ අභිවෘද්ධිය සහ ආයුෂ පිළිබඳ සිහිකරන ඉලක්කමක් විතරයි. අද අපිට උකුළ, හදවත, දණහිස සහ ඕනෑම ශරීර අංගයක් ඕනම වයසකදී බද්ධකරගන්න පුළුවන්. ඔබේ සිනහව වසර කිහිපයක් ගතවෙද්දි අඩුවෙන්න දෙන්න අවශ්‍ය නැහැ. මම මේ කතා කරන්නෙ රූපලාවණ්‍ය ගැන නෙවෙයි. වෛද්‍ය විද්‍යාව අපේ දීර්ඝායුෂ ගැන සහතික කරනවා. ඉතින් ඒ නිසා අවුරුදු 40ක් කියන කාරණය මම පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ.
ඔබ රූපලාවණ්‍ය සැත්කම් ගැන මොකද හිතන්නේ?
ඒක නම් ටිකක් අන්තරාදායක මාතෘකාවක්. මට කරදරකාරී අනවශ්‍ය උපන් ලපයක්
වෘත්තීය ජීවිතය දිහාවට හැරුණොත් ඔබ චිත්‍රපටයකට දායක වෙන්න යනවා අවුරුදු පහකට පස්සේ?
ආ... ඔව්. අපි ඉක්මනින්ම රූපගතකිරීම් පටන්ගන්නවා. මං ඒ වන තෙක් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා.
ඇයි ඔබ මෙතරම් දීර්ඝ කාලයක් නිහඬව හිටියේ?
ඒ මට ගොඩක් මහන්සිවෙන්න බැරි නිසා මං මහන්සි වෙන්න අකමැති කෙනෙක්. වැඩ ගොඩක් එකතු කරගෙන කරන්න මට බැහැ. අනෙක් කාරණය තමයි දරුවන්ගේ වැඩ කටයුතු ගැන අවධානය යොමු කිරීම. අජේ අවුරුද්දෙ දවස් 365 ම වැඩ. ඉතින් දරුවන්ට මාව අවශ්‍යයි.
ඇයි ඔබ මේ චිත්‍රපටය තෝරාගත්තෙ?
මම එහි පිටපතට කැමතියි. මම විශ්වාස කරනවා මෙය චිත්‍රපට කර්මාන්තයේ විශාල පිපිරීමක් වෙයි කියලා. ඇත්ත වශයෙන්ම මම මේ තෝරාගැනීම කරන්න හේතුවත් ඒක. ඒක ටිකක් මෝඩ පාටට පෙනෙයි. ඒත් ඒක තමයි ඇත්ත කතාව.
ඔබ නිළියක් විදියට පෞද්ගලික ජීවිතය ගැන සතුටුයිද?
පෞද්ගලික ජීවිතය කියන්නෙ රංගන ශිල්පීන්ට යොදන මෝඩම වාක්‍ය ඛණ්ඩයක්.
මොනවද ඔබේ වෘත්තීය ජීවිතයේ පසුගිය දශක දෙකේ සිදුවුණු සුවිශේෂී වෙනස්කම්?
වෙනදා නැති සුව පහසුවක් අපි දැන් අත්විඳිනවා. අජේ අපේ දුවටත් මේ බව කිව්වා. ඉස්සර රූගත කිරීම්වලට ගියාම වැස්සට ගස් යට ඉන්න සිද්ධවුණු අවස්ථා තිබුණා කුඩ නැතිකම නිසා. දැන් තත්ත්වය ඊට වඩා සුව පහසුයි. අපි “Dilwale Dulhania Le Jaayenge” චිත්‍රපටය කරන දවස්වල බස් එකෙනුයි ගියේ දර්ශන තලයට. ඒත් අද අමතර වාහන අප වෙනුවෙන් යොදවනවා. දැන් අපිට රූපලාවණ්‍ය කටයුතු සඳහා පහසුකම් තියෙනවා. ඒ දවස්වල ස්වභාවික අලෝකයෙන් එළිමහනෙදියි අංගරචනා කටයුතු සිදුකළේ “Gupt” චිත්‍රපටයේ රූගත කිරීම්වලදී උදේ 5.30 ට මගේ අංගරචනය කළේ. ඒත් පින්න සහ හුළඟ නිසා ආලේපන සියල්ල ඉවත් වී ගියා.
අවුරුදු 50 ක නළුවෙකුටත් අවුරුදු 20 ක පෙම්වතාගේ චරිතය රඟපාන්න පුළුවන්. ඒත් නිළියන් වයසට යද්දි ලැබෙන්නේ මවගේ චරිතය නේද?
(සිනාසෙයි) ඒක ඉතින් පිරිමි අයගේ ජාන නිසා වෙන දෙයක්. පිරිමි අය අවුරුදු 55 ක් වුණත් තවමත් තරුණයි වගේ පේනවා. ඒත් අවුරුදු 55 ක කාන්තාවක් එහෙම පේන එකක් නැහැ. ඒක එක අතකින් කාන්තාව සහ පුරුෂයා පිළිබඳ සමාජය දකින විදියේ වෙනස. හරිම අසාධාරණයි. ඒත් මං දැකලා තියෙනවා අවුරුදු 65-70 දිත් ඉස්තරම්ම විදියට ඉන්න කාන්තාවෝ.
කුමරිනී ප්‍රතාපසිංහ
Comments
Post a Comment