ඔටාරා ඔඩෙල් ව්‍යාපාරයෙන් සමුගනී
ඔටාරා ඔඩෙල් ව්‍යාපාරයෙන් සමුගනී
මුළුමණින්ම විකුණා දමයි
ඉදිරියේදී සත්ව සුබසාධනයට කැපවෙනවලූ
මෙරට ප්‍රමුඛතම නිමි ඇඳුම් සමාගමක් වන ඔඩෙල් පී.එල්.සී. සමාගමේ හිමි කාරිනී ඔටාරා ගුණවර්ධන සහ ඇගේ සොයුරන්ට අයත් කොටස් සියල්ල අද විකුණා දමා ඇත.
ඇය සමාගම විකුණා එම ව්‍යාපාරික ජීවිතයෙන් සමුගන්නට තීරණය කර තිබෙනවා.
ඇයටත් අජිට් ගුණවර්ධන හා රුචී ගුණවර්ධන යන සොහොයුරන්ටත් අයත්
සියළුම කොටස් අද කොටස් වෙළඳ පොළ ගනුදෙනුවක් ලෙස සොෆ්ට් ලොජික් සමාගම් සමූහයට විකුණා තිබේ. මේ අනුව, සොෆ්ට් ලොජික් සමූහය විසින් ඔඩෙල් සමාගමේ සියයට 44.5 ක කොටස් හිමිකම මිලදීගෙන ඇත.
ඔඩෙල් සමාරම්භ ගුණවර්ධන සොහොයුරෙකු වන අජිට් ගුණවර්ධන මහතා පැවසුවේ මෙම ගනුදෙනුවේදී ඔටාරා ගුණවර්ධන මහත්මියට අයත් කොටස් මිලියන 80.8 ක්, තමාට අයත් කොටස් මිලියන 39.4 ක් සහ රුචී ගුණවර්ධන මහතාට අයත් කොටස් මිලියනයක් කොටසක් රුපියල් 22 බැගින් විකුණා දැමූ බවත් මේ අනුව, මෙම ගනුදෙනුවේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.7 කට ආසන්න වන බවත්ය.
”අපි ඔඩෙල් ව්‍යාපාරික කටයුතු වලින්
සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. ඔටාරා ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ සත්ත්ව ශුභ සාධනය ඇතුළු වෙනත් කටයුතු සිදුකිරීම සඳහායි.”
යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඔටාරා ගුණවර්ධන මහත්මිය විසින් ඔඩෙල් පී.එල්.සී. සමාගමේ තමන් සතුවූ කොටස් ප්‍රමාණයක් මැලේසියාවේ සමාගමකට මීට පෙර විකුණා දැමූ අතර ඒ වෙනුවෙන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට මැලේසියානු සමාගම විසින් අධ්යක්ෂවරු තිදෙනෙකු පත්කර සිටියා.
ඔටාරා මහත්මිය විසින් ඉතා සුළු පරිමාණයේ ව්‍යාපාරික ආයතනයක් ලෙස ඩික්මන් පාරේ මින් වසර ගණනාවකට පෙර ආරම්භ කරන ලද ඔඩෙල් පසුව ස්වෝත්සාහයෙන් වැඩිදියුණු කරගත් ඇය බටහිර හා යුරෝපානු විලාසිතා ලංකාවට ඒ ඒ කාලයේම හඳුන්වාදෙමින් මෙම සාප්පුවට ආකර්ෂණයක් ඇති කර ගත්තාය. පසුව එය සාප්පු සංකීර්ණයක් ලෙස පුරහල වෙත රැුගෙන ගිය පසු විදේශ සංචාරකයින්ගේද ආකර්ෂණය දිනාගත් අතර ලංකාවේ ස්ථාන කිහිපයක ශාඛාද ආරම්භ කරන ලදි.
සිය ව්‍යාපාර වලින් විශාල ලෙස මුදල් ඉපයූ ඔටාරා ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික කාන්තාව ලෙස සම්මානයටද භාජනයවී ඇත. ඇය සුනඛයින් සම්බන්ධව ඇල්මෙන් කටයුතු කරන අතර ඒ වෙනුවෙන් එම්බාර්ක් ආයතනයද පිහිටුවා ගෙන ඇත. ව්‍යාපාර වලින් ඉවත්වී සත්ව සුබසාධනයට කැපවීමට දැන් ඇය තීරණය කර ඇත.
තොරතුරු - adaderana.lk/biz

Comments
Post a Comment