ගෑනු ළමයෙක්ව හමුවුනු ප‍්‍රථම දවසේ කතාකරන හැටි ඉගෙන ගන්න මෙය කියවන්න

පිරිමි ළමයි ආදරේ කරන්න හරි යාලුවෙක් විදියට ආශ‍්‍රය කරන්න හරි ගෑණු ළමයින්ව තෝරගන්නකොට මූණ දෙන්න වෙන ලොකුම ප‍්‍රශ්නේ තමයි කොහොමද මේ කෙල්ලව කතාවට අල්ලගන්නේ කියන එක. ඒකට සමහර පිරිමි ළමයි පුදුම විදියට දුක් විදිනවා.මොනවා කියන්නද,මොනවා අහන්නද කියලා හිතාගන්න බෑ. වචන පැටලෙනවා.හිතේ චකිතය වැඩි වුනාමනේ මේ ඔක්කොම වෙන්නේ. ඉතින් ඒ දේවල් නැතිකරගෙන හිතට හයියක් අරන් ගෑණු ළමයෙක් එක්ක කතා කරන්න උපදෙස් ටිකක් තමයි මේ.



1. එයා එක්ක පොඩි කතාබහකට මුලපුරන්න.
ඔයාට කතාකරන්න ඕනි ගෑණු ළමයාව මුලින්ම නම් හම්බවුනේ එයාගෙන් වෙලාව අහන්න. එයා ඒකට උත්තර දුන්නොත් ඒ වෙලාවේ කාළගුණේ ගැන පොඩ්ඩක් කතාබහ කරන්න බලන්න. සමහර විට එයා ඒ කතාවට කැමති වෙන්න පුලුවන්.කාලගුණේ පිළිබඳව එයාගෙන් අසන්නට පුලුවන් වුනා නම් ඉන් පසු ඇයගෙන් නම අසන්නට ඔබට හැකියාව ලැබෙන ඇති.එසේ කාලගුණය ගැන නොඅසන්නේ නම් ඔබට වෙලාව පමණක් අසා නැවත හැරී ඒමට සිදුවේ.



2. යම් සමීක්ෂණයක තොරතුරු එකතුකරන්නෙක් වන්න.
ඇයට කතාබහ කොට තමන් පැමිණියේ සමීක්ෂණයක තොරතුරු රැස් කිරීමට බව පවසන්න. ඉන්පසු ඇයගෙන් කෙටි ප‍්‍රශ්න කීපයක් විමසන්න. ඒ අතර ඇයට හැකිපමණ සමීප වෙන්න.මිතුරන් ගැන ප‍්‍රශ්ණත් ඇසීමට වගබලාගන්න.


3 ඇයව වර්ණනා කරන්න.
ඔබට කතාකිරීමට අවශ්‍ය තරුණිය කියවන පොතක් හෝ ඇය පළදින ඇඳුමක් පිළිබඳව ඇයව වර්ණනා කරන්න. එම පොතට ඔබත් වැඩියෙන් ආශා කරන බව කියන්න.ඇඳුමක් නම් ඇයට 100ක් ගැලපෙන බව පවසන්න.එවිට ඇය ඔබ හා කතාබහ කිරීමට ආශා කරනු ඇත.



4. බොරු සංවාද ඇතිකරගන්න.
ළග සිටින යහළුවන්ට ඇසෙන ආකරයෙන් ඇය සමඟ සංවාදයක් ඇතිකර ගන්න. එම සංවාදයට ඇය ආශා කරන ආකාරයට ඇයගේ මුවට සිනාවක් ගෙනෙන ආකාරයට පවත්වාගෙන යන්න වගබලාගන්න. එවිට ඇයත් සමඟ කතාබහ කිරීමට ඔබට අවස්ථාව උදාවනු ඇත.

5. ඇයගේ කතාබහට හොරෙන් ඇහුම්කන් දෙන්න.
ඇය කතා බහ කරන අවස්ථාවකදී එයට හොරෙන් ඇහුම්කන් දී ඇය කී දෙය ඔබ අසා සිටියා මෙන් එයට ප‍්‍රතිචාර දක්වන්න. එවිට ඇය ඔබ කෙරෙහි අවධානයෙන් සිටිනු ඇත.එවැනි අවධානයක් යහපත් එකක් කරගැනීම ඔබගේ දක්ෂතාවය වේ.


6. ඇයගේ ඇස් දිහා බලන්න.
ඔබ හා ඇයගේ ඇසට ඇස හසුවන සේ කෙලින් බලන්න.ඇය තප්පර 3ක් 4ක් එසේ බලාසිටියේනම් ඇය ළගට ගොස් කතාකරන්න.මේ අවස්ථාවේ ඔබට ලැජ්ජාවක් ඇති වන්නට පුලුවන්. එසේ වුවහොත් ඇයව මීට පෙර දැක ඇති බව පවසා කතාව ආරම්භ කරන්න.

7. ශෝකාන්තය මවාපාන්න.
හදිසියේ යමක් නැතිවූ බව පෙන්වන්න. උදාහරණයක් ලෙස ඔබේ දුරකථනය නැතිවූ බවත් එය සොයාගැනීමට ඇයගේ දුරකතනයෙන් ඇමතුමක් ලබාගත යුතු බවත් පවසන්න. එයින් ඔබට දිගු සංවාදයකට මුලපිරිය හැකිවනු ඇත.

හැමදාමත් සිහින ලොවක අතරමන් නොවී පුද්ගලයන් මුහුණට මුහුණ හමුවන්න.ඇත්ත ලෝකයට මුහුණ දෙන්න. ඔවුන් සමඟ සතුටු සාමිචියේ යෙදෙන්න. ඔබ පුටුවක වාඩි වී සිටිනවාට වඩා ඒ තුලින් ඔබේ මතකයට සුන්දර මතක සටහන් රැසක් එකතු වේවි.

ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි

Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ