කැලේ රජා මමයි - ඉත්තෑවෙක් සිංහයන් 17කට අභියෝග කරයි- VIdeo
කැලේ රජා එක්ක සෙල්ලම් දාන්න යන්න හොඳ නැති වුණත්, වනාන්තරේ රජ පවුලක් එක්කම සෙල්ලම් දාපු ඉත්තෑවෙක් ගැන දකුණු අප්‍රිකාවේ කෘගර් වනෝද්‍යානයෙන් වාර්තා වුණා.
වනාන්තරය තුළ රාත්‍රී කාලයේ සැරිසැරූ මේ ඉත්තෑවා අල්ලා ගන්න සිංහ පවුලේ කේසර සිංහයෝ ඇතුළු සිංහයන් 17ක් කරක් ගැහුවත්, මේ නාඹර ඉත්තෑව සටන අත්හැරියේම නෑ.
සිංහයන් බොහොම උනන්දුවෙන් මෙයාව රස කර බලන්න උත්සාහ කළත් තමන්ගෙ ඉත්තෑ කූරු ඇඳුම පුම්බාගෙන මෙයා ඒ හැමෝටම සද්දෙ දැම්මා. තමන්ගෙ ඉත්තෑ කූරු ඇඳුම එහාට මෙහාට හරවමින්, සිංහයන් වෙත කඩා පනිමින් බොහොම ගාම්භීර විදියට හැසිරුණා.
ඒ වෙලාවෙදි, කැලේ රජ පවුල බොහොම බයාදු හැසිරීමක් තමයි පෙන්නුවෙ. සිංහ රැල එක එක්කෙනාගෙ ඇඟ උඩින් පැන පැන මෙයාගෙන් බේරෙන්න උත්සාහ කරන විට පෙනුනෙ, ඇඟේ තරමට නෙමෙයි වැඩ කියලයි.
අවසානයේ විනාඩි කිහිපයක් විවිධ ආකාරයෙන් ඉත්තෑවා අල්ලා ගෙන රස බැලීමට උත්සාහ කළ සිංහ රැල තමන්ගේ ගොදුර අත්හැර යන්න ගියා. ඒත් සමහර සිංහයන්ට මේ ගොදුර අත්හරින්න උවමනාවක් නොවන බව ඔවුන් අදිමදි කරමින් ඉත්තෑවා අත්හැර යන ආකාරයෙන් පෙනුණා.
අවසානයේදී තමන්ව පසුකරගෙන යන ඒ සිංහ රැල දෙස බොහොම ආඩම්බර ලීලාවෙන් බලාගෙන හිටිය මේ ඉත්තෑවා, කැලේ රජ වුණා නොවේදැයි මේ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන තිබූ සත්වෝද්‍යාන සේවක ලුසියෙන්ට සිතුණා. යූ ටියුබ් අඩවියට එකතු වුණු මේ සිදුවීම ලක්ෂ වාරයකට වඩා මේ වනවිට නරඹා ඇති බවත් කියන්න ඕනෙ.

Comments
Post a Comment