ඉස්ලාම් තරුණියක් වොලිබෝල් තරග බලන්න යන්න හැදුවාට වසරක සිරදඬුවම්
පසුගිය අපේ‍්‍රල් මසදී ඉරාන ජාතික කණ්ඩායම තරග වැදුණු පිරිමි වොලිබෝල් තරගයක් නැරඹීම සඳහා ක්‍රීඩාංගනය තුළට යාමට උත්සහ කළ බි්රතාන්ය ඉරාන තරුණියකට වසරක සිරදඬුවමක් පණවා ඇතැයි වාර්තා වේ.
බි්රතාන්යයෙන් නීති උපාධියක් ලබාගත් ගොන්චේ ගවාමි නම් 25 හැවිරිදි තරුණියක් මෙලෙස සිරගත කර ඇති අතර රජයට විරුද්ධ ප්රචාරණයේ යෙදීම ඇයට විරුද්ධව එල්ල කර ඇති චෝදනාවයි.
1979 ඉස්ලාමික විප්ලවයෙන් පසු ක්‍රීඩා තරග සඳහා කාන්තාවන් ක්‍රීඩාංගන වලට ඇතුළු කරගැනීම වාරණය කෙරුණු අතර ඒ සඳහා නීතියක් පණවා නොමැති බව පැවසේ.
නිව්යෝක්හි ජීවත්වන ඉරාන කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියක් වන ලීලා මෝරි පවසා ඇත්තේ කාන්තාවන්ට ක්‍රීඩා තරග නැරඹීමට යාම තහනම් කරමින් ආගමික ෆැට්වා ආඥාවක් හෝ පණවා නොමැති බවයි.
ජනප්‍රිය කාන්තා අයිතීන් ක්‍රියාකාරිනියක් වන ෂිවා නසාර් අහාරි ඇතුළු කාන්තා විරෝධතාකාරිනියන් පිරිසක් සමග ගොන්චේ ගවාමිද වොලිබෝල් තරගය නැරඹීමට අවසර ඉල්ලමින් ටෙහෙරානයේ අසාඩි ක්‍රීඩාංගනයෙන් ඉවත විරෝධතාවයේ යෙදී ඇති අතර එහිදී ගවාමි පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.
ක්රිඩාංගනවලදී පිරිමින් සහ කාන්තාවන් මුහුවීම ජනතාවගේ පිළිගැනීමට පටහැනි බව ඉරාන පොලිස් ප්‍රධානි ඉස්මයිල් අහමඩි මොඝාඩාම්ගේ අදහසයි.
ගවාමිට අධිකරණ තීන්දුවක් ලබාදී ඇත්තේ මාස කිහිපයක් පොලිස් අත්අඩංගුවේ රඳවා තබාගැනීමෙන් පසුව බවද වාර්තා වේ.
Comments
Post a Comment