දෙමාපියන් දෙදෙනාම අනියම් සුවය ලබද්දී දැරියට අසල්වැසියෙකුගෙන් අතවර
තම බාල වයස්කාර දැරිය අතහැර දමා මව වෙනත් පුරුෂයෙකු සමගත් පියා වෙනත් කාන්තාවක් සමගත් අනියම් සබඳතා පැවැත්වු බවට සහ එම දැරියගේ භාරකාරත්වය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අධිකරණයට වසන් කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් සැකකාර අඹුසැමි යුවළට චෝදනා එල්ල වී තිබේ.
කැබිතිගොල්ලෑව දිසා අධිකරණයේ විභාගයට ගැනුණු නඩුවක් නිසා දෙමාපියන් තිරිසනුන් ලෙස හැසිරෙන විට අපේ රටේ දරුවන්ට අත්වන කල දසාව පිලිබඳ ජීවමාන උදාහරණයක් සැපයිනි
තමන් දෙදෙනාගේ කම් සැප පිළිබඳව පමණක් සිතමින් දරුවා තනි කර ඔවුන් පිටව ගිය පසු අසල්වැසි තරුණයෙකු විසින් බරපතළ ලෙස අපයෝජනයට ලක්කර ඇත
ශාරීරිකවද , මානසිකවද දැඩි සේ පීඩාවට පත් දැරිය රෝහල් ගතකිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත්කෙරිණි
බාල වයස්කාර දැරියක් අතහැර දමා ගොස් අනියම් සබඳතා පැවැත්වු බවට සහ එම දැරියගේ භාරකාරත්වය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අධිකරණයට වසන් කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එම දරුවාගේ පියා සහ මව ඇපමත මුදාහැර තිබේ.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පියා සහ වරෙන්තු මත සිට අධිකරණයට භාර වු මව රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇපමත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
නිවසේ තනිකර දමා ගිය දැරිය පසුව අසල්වැසි තරුණයෙකු විසින් බරපතළ ලෙස අපයෝජනයට ලක්කර ඇති බවට වු තවත් නඩුවක් අධිකරණය හමුවේ පවතින බව ද ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිවරයා විසින් අධිකරණයට දැනුම්දී තිබේ.
මේ හේතුවෙන් අදාළ දැරිය තවදුරටත් පරිවාස භාරයට පත්කර එම දැරියගේ මානසික තත්ත්වය වර්ධනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
Comments
Post a Comment