උඩුකය නිරුවත් ෆීමෙන් කතුන් පැරිස් විරෝධයක - Video
ෆීමෙන් සංවිධානය විසින් ප්‍රංශයේ පැරිස් නගරයේ අධිකරණ මාලකය ඉදිරිපස උඩුකය නිරුවතින් විරෝධතාවයක් පවත්වා ඇතැයි වාර්තා වේ.
පොලිස් නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සැරසීමේදී පලාගිය ඔවුන් ලූහුබැඳීමට පොලිසියට සිදුව ඇති අතර එය ඉතා වෙහෙසකර ව්‍යායාමයක් වූ බව මාධ්‍යවේදීන් වාර්තා කර තිබේ.
ඇතැම් ෆීමෙන් ක්‍රියාකාරිනියන් පළපුරුදු පාපන්දු ක්‍රීඩකයන් මෙන් පොලිස් නිලධාරීන්ට වෙට්ටු දමමින් දිවගොස් ඇති අතර එක් පොලිස් නිලධාරියෙක් අසල තිබූ ගොඩනැගිල්ලක හැපී ඇද වැටෙනු කැමරා කාච වල සටහන් වී ඇත.
දිගුවේලාවක් පුරා වෙහෙසවීමෙන් පසු උඩුකය නිරුවත් ක්‍රියාකාරිනියන් 20ක් පමණ අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.
පසුගියදා අත්අඩංගුවට පත්වූ සිය සහෝදර ක්‍රියාකාරිනියක් නිදහස් කරන ලෙස බලකරමින් ෆිමෙන් සංවිධානය විසින් මෙම නිරුවත් විරෝධය පවත්වා ඇතැයි පැවසේ.
ජුනි මසදී ප්‍රංශයේ ග්‍රෙවින් කෞතුකාගාරයේ පිහිටා තිබූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඉටි පිළිරුවක් තියුණු ආයුධයකින් ඇණ විනාශ කිරීමේ වරදට ඉයානා සඩානෝවා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පැරිස් අධිකරණයක් විසින් ඇයට යුරෝ 1500ක දඩ මුදලක් පණවනු ලැබිණි.
Comments
Post a Comment