ඔසාමාට වෙඩි තැබූ සෙබලා රහස් සියල්ල හෙළි කරයි - Video
සි.අයි.ඒ. සංවිධානය විසින් සිදුකළ රහසිගත මෙහෙයුමකදී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් පාකිස්තානයේ ඇබොට්ටාබාද්හිදී, 2011 දී මැයි 02 වනදා ඝාතනය කළත් මෙම මෙහෙයුමේ බොහෝ දේ අදටත් රහසක්ව පවතී.
කෙසේවෙතත්, ඔසාමා බින් ලාඩ්න්ව වෙඩි තබා ඝාතනය කළ ඇමරිකානු සෙබලා මේ වනවිට මාධ්‍ය හමුවේ පෙනී සිට එම සිද්ධිය සිදුවූ ආකාරය අනාවරණය කර ඇත.
විදෙස් මාධ්‍ය පවසන්නේ Fox News සේවාව විසින් රූගත කළ වැඩසටහනක් සඳහා මෙම සෙබළා පෙනී සිටින බවත් කොටස් දෙකකින් සමන්විත මෙම වැඩසටහන The Man Who Killed Osama Bin Laden නමින් නම්කර තිබෙන බවයි.
මෙම වැඩසටහන මේ නොවැම්බර් මාසයේදී විකාශය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.
අල්කයිඩා නායකයා ඝාතනය කෙරුණු මෙම මෙහෙයුමේ මෙතෙක් අනාවරණය නොවූ රහසිගත සිදුවීම් රැසක් මෙම වැඩසටහනින් හෙළිවීමට නියමිත බව වාර්තා වේ.
ඔසාමා බින් ලාඩ්න්ට වෙඩි තැබූ මෙම සෙබලා පවසා තිබෙන්නේ ඔහු විසින් ජීවිතයේ කළ හොඳම දෙය හෝ නරකම දෙය මෙම ඝාතනය විය හැකි බවයි.
ඔහු එම ප්‍රකාශය කර තිබුණේ මෙසේයි.
“And I remember as I watched him breathe out the last part of air, I thought: Is this the best thing I’ve ever done, or the worst thing I’ve ever done?”
Comments
Post a Comment