මෝදි ගිය මග කමල් යයි

සුප‍්‍රකට දකුණු ඉන්දීය නළු කමල් හසන් අදට (07) යෙදී තිබෙන සිය 60 වැනි උපන් දිනය නිමිත්තෙන් සමාජ සත්කාරයක නියැළුණා.මීට කලින් වසරවල ඔහු උපන් දිනය සැමරුවේ මිතුරු මිතුරියන් හා එක්ව විනෝද වෙමින්.


නමුත් කමල් මේ වසරේ උපන්දිනය නිමිත්තෙන් තාම්බරම් නගරය ආසන්නයේ තිබෙන මඩම්බක්කන් වැව පිරිසිදු කිරීමට සහභාගි වුණා.

මේ අවස්ථාවට ඔහුගේ පවුලේ ඥතීන්, හිතවතුන් සහ රසික රසිකාවියන් විශාල ප‍්‍රමාණයක් සහභාගි වීම විශේෂත්වයක්.


ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ද පසුගියදා නවදිල්ලි නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගි වුණා.

අගමැතිවරයාගේ භාරතය පිරිසිදු කිරීමේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සඳහා සහාය දැක්වීමට තමන් මෙවැනි කාර්්‍යයක නිරත වුණු බවයි කමල් හසන් මාධ්‍යයට පවසා සිටියේ. 





Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ