ගාසා තීරයේ දරුවන් මැරීම ගැන ඊශ‍්‍රායල දක්ෂිණාංශයේ සතුට පළවේ







ගාසා තීරයේ සියලූ පලස්තීන ප‍්‍රතිවිරෝධයන් අවසන් කරමින් එය නව ඊශ‍්‍රායල නගරයක් බවට පත්කිරීමේ සැලසුමක් ඇතැයි දේශපාලන විශ්ලේෂක රැල්ෆ් ෂූමන් පවසයි.
ඔහු පවසා ඇත්තේ ගාසා තීරය වෙත සිදුකරන ප‍්‍රහාර අවසන් වීමේ කිසිදු සේයාවක් නොපෙනෙන බවයි.

ඊශ‍්‍රායල පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක මොෂේ ෆෙලිගින් විසින් සම්පාදනය කර ඇති නව යෝජනාවක් මගින් මෙම සැලසුම පිළිබඳ හෙළිදරව් වන බව ෂූමන් පවසා තිබේ.

ගාසා තීරයද ඊශ‍්‍රායලයේ කොටසක් යන මතය තහවුරු කිරීමටත් එහි සිටින පලස්තීන සටන්කාමීන් සහ හමාස් හිතවාදීන් සම්පූර්ණයෙන් විනාශ කිරීමටත් පියවර ගනිමින් ඇති බව ඔහුගේ අදහසයි.
ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත ලිපියක් යොමුකරමින් මොෂේ ෆෙලිගින් පවසා ඇත්තේ සිනායි දේශසීමාව ආසන්නයේ කඳවුරු බිම් සැකසිය යුතු බවයි.

එමෙන්ම ගාසා තීරය වෙත උපරිම බලය යොදමින් ෂෙල් ප‍්‍රහාර එල්ල කිරීමට පෙර එහි ජල විදුලි පහසුකම් සම්පූර්ණයෙන් බිඳ හෙළිය යුතු බවද ඔහු යෝජනා කර තිබේ.
ෂූමන් පවසන්නේ මෙමගින් ඊශ‍්‍රායල නෙසට් සභාවේ නියෝජ්‍ය කථානායකවරයා විසින් රැඳවුම් කඳවුරු ගොඩනැගීමටත් ගාසා ජනගහනයට එරෙහිව වාර්ගික ශුද්ධයක් සිදුකිරීමටත් යෝජනා කර ඇති බවයි.

මෙයට කිසිදු විරෝධයක් එල්ල නොවීම කනගාටුවට කරුණක් බවද ඔහු පවසා තිබේ.
ගාසා ප‍්‍රහාර වලින් මේ වන විටත් පලස්තීන වැසියන් 1880ක් මියගොස් ඇතැයි පැවසේ.

Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ