ලස්සන වන්නට ගොස් මිය ගිය වෛද්‍යවරියගේ සැබෑ කතාව
බම්බලපිටියේ විශාඛා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් පෞද්ගලික වෛද්‍ය සායනයේ පසුගිය (12) සවස එන්නතක් විසවීමෙන් වෛද්‍යවරියක මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ ළමා රෝහලේ සේවය කරන පී. ඒ. ප්‍රියංගි අලුත්ගේ (47) නමැති වෛද්‍යවරියකි.
ඇය දෙදරු මවක වන අතර නාවල සේනානායක මාවතේ පදිංචිව සිට ඇත. ඇයගේ ස්වාමිපුරුෂයා වරාය අධිකාරියේ ඉංජිනේරුවරයකු වන ගාමිණි චන්ද්‍රසේකර මහතාය.
ඇය පසුගියදා සවස 4ට පමණ එම රූපලාවන්‍යාගාරයට රූපලාවන්‍ය කටයුත්තක් සඳහා ගොස් ඇති අතර එහිදී ඇයට ප්‍රතිජීවක ඖෂධයක් විදීමෙන් පසු ඇය මරණයට පත්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරී රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ දොස්තර නිමල් ගමගේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මාධ්‍යය වෙත ප්‍රකාශකොට තිබුණි.
මේ එම ප්‍රකාශයයි...
මියගිය වෛද්‍යවරිය මෙම පෞද්ගලික සායනයට මීට පෙරාතුව ද පැමිණ ඇතැයි අත්අඩංගුවට පත්ව සිටින සැකකාර වෛද්‍යවරයා පවසා තිබේ.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට මහතාගේ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගල මහතාගේ උපදෙස් මත බම්බලපිටිය පොලිස් නිලධාරීහු විසින් සිදුකළ අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇත.
මෙම රූපලාවන්‍යගාරය පවත්වාගෙන ගිය වෛද්‍ය නිමල් ගමගේ MBBS උපාධිධාරියකු බවත්, ඊට අමතරව රූපලාවන්‍ය පිළිබඳ අමෙරිකාවේ විශේෂඥ පුහුණුව ලැබූවකු බවත් හඳුන්වා දී තිබේ. නමුත් මෙම වෛද්‍යවරයා සතු ලියකියවිලි පිළිබඳ සැක මතුව ඇති බැවින් ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
නිමල් ගමගේ යන සැකකාර වෛද්‍යවරයා...
එම රූපලාවන්‍යාගාරයේ දී සමේ පැහැය වැඩිකිරීම, මේදය ඉවත් කිරීම ඇතුළු රූපලාවන්‍ය සත්කාර සිදුකර තිබේ. වෛද්‍ය නිමල් ගමගේ නිතර රූපවාහිනී හා පුවත්පත් ඔස්සේ ශරීරයේ මේද ඉවත්කිරීමේ සැත්කම් පිලිබඳ දේශන පැවැත්වූ වෛද්‍යවරයෙකු ලෙස ජනප්‍රියව සිටියේය.
මෙම ප්ලාස්ටික් සැත්කමක් සඳහා අදාළ සැකකාර වෛද්‍යවරයා රුපියල් ලක්ෂ හතරක, පහක පමණ මුදලක් අය කර ගන්නා බවත්, මොහුගෙන් සැත්කම් කර ගැනීම සඳහා මැති ඇමැතිවරු, ධනවතුන්, උගතුන් හා ඉහළ පෙළේ ප්‍රභූ පිරිස් පැමිණෙන බව ද අනාවරණය වී ඇත. මෙම සැකකාර වෛද්‍යවරයාට අයත් මහල් නිවාස තුන හතරක් ම කොළඹ ප්‍රදේශයේ ඇතැයි ද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මෙම සිද්ධියට අදාළ වෛද්‍යවරයා මීට ඉහතදීත් මෙවැනි ශල්‍යකර්ම සිදුකර ඇති අතර එවැනිම ශල්‍යකර්මයක් වෙනත් කාන්තාවකට සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න...
මෙම වීඩියෝව සැකකාර වෛද්‍යවරයා විසින් සිදු කරන අතර මෙහි ශල්‍යකර්මයට බදුන්වන කාන්තාව මෙම සිද්දියට අදාල මියගිය වෛද්‍ය ප්‍රියන්ගි මහත්මිය නොවන බව සලකන්න... මෙම විඩියෝවෙහි පෙනී සිටින කාන්තාව සිද්ධියට අදාල මියගිය කාන්තාව යැයි කියා බොහෝ වෙබ් අඩවිවල හා ෆේස්බුක් පේජවල සදහන්ව තිබීම කණගාටුවට කරුණකි. කරුණාකර වගකීමෙන් මාධ්‍ය භාවිතා කරන ලෙස අප ඒ සියලු වෙබ් අඩවි වලින් හා ෆේස්බුක් පේජ හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිමු...
මේ එම වීඩියෝවයි...
<iframe width="420" height="315" src="//www.youtube.com/embed/nYefauygPoQ" frameborder="0" allowfullscreen></iframe>
Comments
Post a Comment