මම දැන් පෙම්වතියක්..ඒත් ...Natasha Perera කියන කතාව

ළපටි වයසේදීම නතාෂා පෙරේරා සිය අනන්‍යතාව තහවුරු කළේ ළමා ගායිකාවක් විදියටයි. රංගනයත්, නිවේදනයත් තුළින් දක්ෂතා පළකළ ඇය
කලකට පසුව රිවිසරසි සමග කතාබහකට එකතු වුණා.

ඉතින් නතාෂා කොහොමද කලා කටයුතු?
හොඳින් කාලය ගත කරනවා. පසුගිය දවස්වල විභාගෙට මහන්සි වුණ නිසා ටිකක් කාර්යබහුල වෙලා සිටියා. තව එක අදියරක් තියෙනවා. ඒ නිසා මේ දවස්වල සතුටින් සැහැල්ලූවෙන් කාලය ගත කරනවා.


ළගදීම නීතිඥවරියක් ලෙස වෘත්තීය ගමන ආරම්භ කරන්න හැකියාව ලැබේවි නේද?
මේ අවුරුද්ද අවසාන වෙනකොට ඒ සියලූ අධ්‍යාපන වැඩ ඉවරවේවි කියලා බලා‍පොරොත්තු වෙනවා. නීතිවේදී උපාධිය අවසන් කළාට ලංකාවේ නීති විද්‍යාලයේ විභාග වැඩවලට සූදානම් වෙනවා. නීතිඥවරියක් ලෙස වෘත්තීය ගමන ආරම්භ කරන්න මාත් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.

නීතිඥවරියක් වුණාම කලාව මුළුමනින් අමතක කරාවිද?
මම වෘත්තීය වශයෙන් කලා කටයුතු කරන්නේ නෑ. මම රංගනයට වගේම ගායනයට නිවේදනයට යොමුවුණේ හිතේ තිබුණ කැමැත්තට ඒවාට කාලය කැප කළේ විනෝදාංශයක් විදියට. මම හොඳ නිර්මාණ ලැබුණොත් භාරගන්නවා. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම කලාවෙන් ඈත් වෙන්නේ නෑ.

මේ දවස්වල රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?
මම ක්‍ෂේත‍්‍රයෙන් තාවකාලිකව ඈත්වෙලා හිටපු කා‍ලේ ගොඩක් ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණා. සම්පූර්ණ කාලය අධ්‍යාපනයට යොමු කළ නිසා ඒ ආරාධනා අමාරුවෙන් වුණත් ප‍්‍රතික්ෂේප කරන්න වුණා.නමුත් මම රූපවාහිනී නාලිකාවල නිවේදන කටයුතු නම් දිගටම කළා.

එදා තිබුණ ජනප‍්‍රියත්වය තාමත් නතාෂාට තියෙනවා කිව්වොත්?
වෙලාවකට මටත් පුදුමයි මිනිස්සුන්ගේ ප‍්‍රතිචාර තාමත් ලැබෙන එක ගැන. මම හිතන්නේ ඒක වාසනාවක්. දකින දකින රූපවාහිනී නාලිකාවේ පෙනී හිටියේ නැති වුණාට එදා තිබුණ ජනප‍්‍රියත්වය තාම මට ලැබෙනවා. ඒ ගැන මට නිහතමානි ආඩම්බරයක් තිබෙනවා.


ඔබ ගායිකාවක් ලෙස ප‍්‍රසිද්ධ වෙන්නේ විශාරද එඞ්වඞ් ජයකොඩි මහතා සමග ගායනා කළ ගීතය නිසා. තාමත් එතුමාව මුණගැහෙනවද?
දැනට ඒ ගීතය ගායනා කරලා අවුරුදු 10 ක් වෙනවා. ඒත් තවම එඞ්වඞ් ජයකොඩි මහතාට තිබුණ ගෞරවය එහෙමමයි. එක දවසක් මාව දැකපු වෙලාවේ එඞ්වඞ් මාමා අම්මෝ මෙයා ලොකු වෙලා තියෙන තරම කියලා කීවේ පුදුම වෙලා. තාමත් ඒ අය මට කතා කරන්නේ දුව කියලා. ඉතින් ප‍්‍රවීනයන්ට මම හැමදාම ගෞරවය කරනවා. ඒ දේ කවදාවත් නැතිවෙන් නෑ.

පසුගිය දිනවල ඇතිවුණ කටකතා ගැන පසුතැවීමක් තියෙනවද?
මගේ අධ්‍යාපන වැඩවලට සම්පූර්ණ අවධානය යොමුකරන්න ඒ කටකතා අඩිතාලමක් විදියටයි වැටුණේ. ඒ දවස්වල මම විභාග වැඩවලට ලෑස්ති වුණා. සමහර වෙලාවට මම ගොඩක් මානසිකව වැටුණා. ඒ පීඩනේ දරාගන්න බැරිවුණා. ඒත් මම වැටුණු විදියටම නැගිටින්න  ඕන කියන එක තමයි හැම වෙ‍ලේම හිතුවේ. වැටෙන්න වැටෙන්න තමයි මිනිස්සුන්ට පුදුම විදියට නැගිටින්න ශක්තියක් ලැබෙන්නේ. මම ගොඩක් දුක්වුණා. අද සතුටු වෙනවා ඒ කට කතාව මගේ ජීවිතය සාර්ථක කරගන්න ශක්තියක් වුණ එක ගැන.

ගින්නක් නැතුව දුමක් නගින් නෑ වගේ ඒ කටකතා බොරුම කියන්න බෑ නේද?
අපි හදිසියේවත් ඉස්පිරිතාලෙකට ගියොත් එතනදී අපි හිනාවුණේ නැතිවුණොත් ආඩම්බරයි කියනවා. ඒ දේ ඇත්ත වෙන්න පුළුවන්. මොකද එතන හිනාවෙන්න තරම් මානසිකත්වයක් නෑ.සමහර වෙලාවට මට හිතාගන්න බැරි කවදාවත් හිතුවේ නැති දේවල් කියලා අන්තර්ජාලයෙන් මඩ වැදුණා. මම හිතුවේ මම වැරැුද්දක් කරන්නේ නැත්නම් මට කවදාවත් වැරදෙන් නෑ කියලා. ඒ විදියට මිනිස්සු මට මඩ ගැහුවට අද මගේ ජීවිතය සාර්ථක කරගෙන තියෙනවා.

ළගදි විවාහ වෙන්න අදහසක් නැද්ද?
විවාහ වෙන්න  ඕන තාම මම ස්ථාවරයකට පත්වෙලා නෑ. විවාහය කියන්නේ සදාකාලික බැඳීමක්. ඒ නිසා ඒ තීරනේ නිවැරදිව ගන්න  ඕන. තමන් හරි වයසේදී විවාහ වුණොත් තමන්ට ජීවිතේ සුන්දරව ගෙවන්න පුළුවන්. තවත් වසර දෙකකින් විතර මගේ විවාහය සිදුවේවි.

ඒ කියන්නේ නතාෂා පෙම්වතියක්?
ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. මම පෙම්වතියක් කිව්වොත් හරි. එයා ගැන විස්තර කියන්නම් පස්සේ.





රිවිර තුලින්
තිළිණි මධුවන්ති

Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ