ෆේස්බුක් හරහා රූමත් තරුණියකට පෙම් කළ භික්ෂුව රිමාන්ඩ්..
ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හැඳිනගත් දහ අට (18) හැවරදි රූමත් තරුණියකට පෙම් කළ බව කියන විසි හතර හැවිරිදි හිමි නමක් පොලිස් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇත.
මෙම සැකකරු ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ගිහි වෙස් ගෙන ඇති ඡායාරූපයකින් පෙනී සිටිමින් ෆේස්බුක් තරුණියක සමග මිතුරු වී ඇත, පසුව පෙම් සම්බන්ධතාවයක් දක්වා මේ මිතුරුකම දුර දිග ගොස් තිබේ, මේ සැකකාර හිමි නම සිය සහෝදර හිමිනමකගේ පංසලකට ගොස් සාමාන්‍ය ඇඳුමින් සැරසී තරුණිය බලන්නට කිහිප වරක් ගොස් ඇතැයි ද පොලීසිය සදහන් කරයි,
මේ ආදර සම්බන්ධ තාවය පිළිබදව මව්පියන් දැනගෙන සොයා බැලීමේදී දියණියගේ පෙම්වතා භීක්ෂුවක් බව දැන ගෙන ඇත,
සිද්ධිය දැනගත් තරුණියගේ මව්පියන් කලබල වී ඇති අතර ඉන්පසුව පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ සැකකාර හිමිනම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ,

Comments
Post a Comment