ශ‍්‍රී ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය HIRU GOLDEN FILM AWARDS 2014 සම්මාන උළෙල ජනතා හරසර මැද අති උත්කර්ෂවත් ලෙස නිමාවට පත්වෙයි - වීඩියෝව සහිතයි

හෙළ සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු මාධ්‍ය  ජාලය සංවිධානය කළ HIRU GOLDEN FILM AWARDS 2014 සම්මාන උළෙල පසුගිය සෙනසුරාදා රාත‍්‍රියේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.ඒ සුගතදාස ගෘහස්ත පරිශ‍්‍රයේ දෙස් - විදෙස් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන්.


ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත මෙරට සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තිලින වන 2014 සම්මාන උළෙල සඳහා සහභාගී වන සම්භාවනීය අමුත්තන් සුගතදාස පරිශ‍්‍රය වෙත පැමිණියේ රන් පලසක් මතින්ය. ඔවුන් අතර දෙස් විදෙස් රංගන ශිල්පීන් ,ශිල්පිනියන්,ගායක - ගායිකාවන්ල ක‍්‍රිඩකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් වුණා.

නරඹන්නන් අමන්දානන්දයට පත්කරමින් එලෙස ආරම්භ වුණු HIRU GOLDEN FILM AWARDS 2014 සම්මාන රාත‍්‍රිය වෙනුවෙන් ඉදිකොට තිබූ දැවැන්ත වේදිකාව බොහෝදෙනාගේ අවධානයට මෙන්ම ආකර්ශනයට පාත‍්‍ර වීම විශේෂයි. එතෙක් මෙතෙක් මෙරට සම්මාන උළෙලක් සදහා භාවිත නොවූ නවතම තාක්ෂණයත් ආකර්ෂණීය ලේසර් කිරණ කදම්භයන්ගෙන් සහ ආලෝක රටාවන්ගෙන් එම දැවැන්ත වේදිකාව වර්ණවත් වුණා. 

සම්මාන උළෙලට පැමිණ සිටි අමුත්තන් පිලිගැනීම සිදුකළේ ප‍්‍රවීන රංගන ශිල්පී රවීන්ද‍්‍ර රන්දෙනිය සහ ජැක්සන් ඇන්තනී යන මහත්වරුන් විසින්. සිනමා ක්ෂේත‍්‍රය තුළ සෑම පැතිකඩක්ම ආවරණ වන පරිදි සම්මාන 40 ක් මෙම සම්මාන උළෙලේදී පිරිනැමුණා. මෙම සම්මාන රාත‍්‍රිය මෙහෙයවීමේ වගකීම භාරවුණේ ප‍්‍රවීන රංගන ශිල්පී මහේන්ද‍්‍ර පෙරේරා සහ ජනප‍්‍රිය නළු පුබුදු චතුරංග යන ශිල්පීන් දෙදෙනාටයි.

අති උත්කර්ෂවත් සම්මාන රාත‍්‍රිය මෙලෙස ඉදිරියට ගලා යද්දී එය තවත් වර්ණවත් කරමින් බොලිවුඩ් සුපිරි නළු විවේක් ඔබ්රෝයිගේ නර්තන අංගය උළෙලේ ප‍්‍රථම විශේෂාංගය ලෙසට සම්මාන උළෙල තවත් විචිත‍්‍රවත් කළා.

එහි විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝව


 

Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ