කෙල්ලෙක් දූෂණය කරන්ට ගිහින් පුරුෂ ලිංගය වන්දි ගෙවයි
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ ඉන්දියාවේ රාජස්ථාන් හි ගංගානගර් ප්‍රදේශයේදී වයස 40ක පමණ පුද්ගලයෙකුය.
ඔහු විසින් වයස අවුරුදු 15ක පමණ දැරියක් දූෂණය කිරීමට තැත්කල විට ගම්වැසියන් එකතුවී අපූරු පාඩමක් උගන්වා තිබේ.
වාර්තාවන පරිදි ඔහු විසින් වයස 15ක පමණ දැරියක් දූෂණය කිරීමට තැත් කර ඇති අතර එය සැලවීමත් සමඟ ක්‍රියාත්මක වූ ගම්වාසීන් ඔහු අල්ලාගෙන ගොස් පැයක පමණ කාලයක් මහමඟ දමාගෙන පහර දී ඇත. මෙසේ පහර දීමෙන් අනතුරුව අසල පිහිටි මස්කඩයකට රැගෙන ගොස් ඔහුගේ පුරුෂ ලිංගයද කපා දමා විසි කරන්නට ඔවුන් කටයුතු කොට ඇත.
විලාප දෙමින් මහමඟ දුවන්නට වූ මොහුට උදව් කිරීමටවත් කවුරුන් හෝ ඉදිරිපත් වී නැති අතර ඉන් අනතුරුව ඔහු සිහිමූර්ජා වී ඇත. සුරේෂ් කුමාර් නම්වන මොහු මීට පෙරද තරුණියන්ට විවිධාකාරයේ අපයෝජන සිදුකිරීමට තැත්කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.
Comments
Post a Comment