අපි සාමාන්‍ය ජිවිතේ කරන එවා තිරයෙත් සාමාන්‍යයි.- යුරේනී නොෂිකා සිපගැනීම් ගැන කියයි.
යුරේනි ගැන ඒ විදියට කීවත් ඇය නම් ඒ දේවල් ගැන හිතන්නෙවත් හොයන්නෙවත් නෑලු. කොහොම නමුත් යුරේනි කරන ප‍්‍රකාශයන් ඇයගේ හිතට එකඟව කරන නිසා මේ විදියට කතාබහට ලක්වෙන්න සිද්ධවෙලා කියලා තමයි යුරේනි කියන්නේ.ඒ වගේම යුරේනි නම් කියනවා ඇය මේ කරන ප‍්‍රකාශ ජනතාවගේ අවධානය යොමුකරගන්න බලාගෙන කරන ඒවාත් නෙවෙයි කියලා. ඇයගේ හිතට එන දේවල් තමයිලු මේ විදියට ප‍්‍රකාශ කරන්නේ.
පසුගිය කාලයේ යුරේනි සමඟින් නිනෝ චිත‍්‍රපටයක දෙතොල් සිපගැනීමේ දර්ශනයකට සහභාගී වුන සිඳුවීම ලංකාව පුරාම කතාබහට ලක්වුනා. අපිත් ගොසිප් වර්ල්ඩ් තුලින් ඒ ගැන එබව දැනුවත් කලා.මේ පිළිබඳව යුරේනිනම් කියන්නේ රංගන ශිල්පීන් කියන්නේ සාමාන්‍ය ජීවිතයේ කරන කියන දේවල් කැමරාව ඉදිරියේ කරන්න ඉන්න අය කියලා. අද වයස 13 ගෑණු ළමයෙක් ප්‍රෙම සම්බන්ධයක් ඇති කරගත්තොත් සිපගැනීම් සිදුවෙනවා කියලත් යුරේනි කියනවා.
කොහොම නමුත් යුරේනි නම් චිත‍්‍රපටවල නිරුවතින් රඟපෑම ගැන දක්වන්නේ වෙනම අදහසක්. ඇය කියන්නේ ඒ වගේ චරිතයක් රඟපානකොට, අපේ රටේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගැන හිතන්න සිද්ධවෙනවා කියලායි. යුරේනි විවාහගැන නම් කියන්නේ තාම සුදුසු කෙනෙක් නැති නිසා විවාහ වෙන්නේ නෑ කියලා. දැන්නම් හිනා වෙලා හිටියට යුරේනී මේ වෙනකොට 4 වතාවක් ආදරෙන් පැරදිලා ඉදලා තියෙනවලු.
ඒ නිසාමද දන්නේ නෑ දැන් යුරේනිට ආදරේ තිත්ත වෙලාලු.
Comments
Post a Comment