නුවර කොල්ලෙක්ට 'ඔල්ගා කල්පනීගෙන්' ඇරයුම්
ජනප්‍රිය නළුවකු, නිළියක වූවිට බොහෝ වෙලාවට තමන්ගේ රංගන කටයුතු සමඟ කාර්යබහුල වීම පොදු දෙයක්. ඉතින් පුංචි හෝ විවේකයක් ලැබුණු ගමන් මෙලෙස කාර්යබහුල ජීවිත ගත කරන බොහෝ දෙනා වඩාත් කැමැති ගෙදරට වෙලා නිදහසේ ඉන්න, පොත පත කියවන්න, ෆිල්ම්ස් බලන්න වගේ දේවල්වලටනේ. නමුත් අද අපේ මේ පිළිසදරට එකතු වෙන යොවුන් රංගන ශිල්පිනි වොල්ගා කල්පනි ගේ විවේකි දින ගත වෙන්නේ ඊට මඳක් වෙනස් විදිහකටයි.
වොල්ගා මේ දවස්වල හීන දකිනවා කියලා ආරංචි?
ඔව් අනේ. මේ දවස් වල විවේකයක් ලැබුණු ගමන් කරන දේවල් ගැන තමයි වැඩි පුර හීන බලන්නේ. මගේ එකම පැතුම ඉක්මනටම විවේකයක් ලැබෙන්න කියලයි. ඉතින් කොයි වෙලේද නිවාඩුවක් ලැබෙන්නේ කියලා මඟ බලාගෙනයි ඉන්නේ.
සෑහෙන කාලෙකින් වොල්ගාට නිවාඩුවක් ලැබිලා නැහැ වගෙයි?
ඔව් නේ...බලන්නකෝ මගේ ළඟින්ම ඉන්න අය එක්ක ටිකක් කතා බහ කරලා ඔවුන් එක්ක ගත කරන්නවත් නිවාඩුවක් නැහැනේ.
මොනවද දැන් විවේකයක් ලැබුණු ගමන්ම කරන්න හිතන් ඉන්නේ?
විවේකයක් ලැබුණු හැටියේ කොහේ හරි යන එක තමයි මං කරන්න කැමැති එකම දේ.
කොයි වගේ තැනකට ගිහින් විවේකීව ගත කරන්නද වොල්ගා හිතන් ඉන්නේ?
ටිකක් දුර පළාතකට යන්න තියෙනවා නම් හොඳයි. වොල්ගා කියන නිළිය අමතක කරලා සාමාන්‍ය වොල්ගා විදිහට නිදහසේ ඉන්න පුළුවන් තැනකට යන්න තියෙනවා නම් හොඳයි.
එහෙම යන්න කැමැති විශේෂ තැනක් තියෙනවාද?
ඔව්. මම පොඩි කාලේ ඉඳන්ම හරිම කැමැතියි නුවර යන්න. මට නුවර කියන නම ඇහුණත් ඇති.
හොඳයි දැන් කා එක්කද ඔය ගමන් යන්නේ?
ඒ ලෙවල් ක්ලාස් එකේ ඉඳලා හිටපු යාළුවෝ සෙට් එකක් ඉන්නවා. නැත්නම් අපේ පවුලේ කට්ටිය. ඉතින් යන තැනක යන්නේ ඔයදෙගොල්ලෝ එක්ක තමයි.
අන්තිමටම විවේකය ගත කළේ කොහේද?
අන්තීමටම උනවටුණේ ගියා. හැබැයි ඒ ගියෙත් මීට සෑහෙන කාලෙකට කලින්. එදා උදේ පාන්දරම ගිහින් දවසම නාලා රෑ වෙලා ගෙදර ආවා.
යාළුවෝ කට්ටිය එකතු වෙලා යන අවස්ථාවල කරන විශේෂ දේවලුත් ඇති?
ට්‍රිප් එකක් ගියොත් ඔය කන බොන දේවල් හැරුණහම අපි එකතු වෙලා අනිවාර්යයෙන්ම රොබින් මැරියන් කියන සෙල්ලම කරනවා. ඊට පස්සේ හති වැටෙනකන්ම සින්දු දාගෙන ඩාන්ස් කරනවා.
යාළුවෝ සෙට් එක ට්‍රිප් එකක් යන්න ලෑස්ති කළා කියමුකෝ. ඔයාට යන්න ඕනේකමක් තිබුණත් ගෙදරින් අකැමැති වුණොත් ?
පුළුවන් තරම් ට්‍රයි කරලා පර්මිෂන් ගන්න බලනවා. මට ඕනෙම දෙයක් කියන්න පුළුවන් මගේ අක්කට. ඒ තරමට අපි දෙන්නා ෆිට්. ඉතින් පර්මිෂන් ගන්න බැරිම වුණොත් අම්මා තාත්තාට නොකියා අක්කට විතරක් කියලා ෂේප් එකේ ගිහින් එනවා.
ඒ කියන්නේ මීට කලිනුත් එහෙම ගිහින් තියෙනවා වගේ?
අනේ එහෙම නැහැ. ඒ ලෙවල් කරන කාලේදී නම් දවසක් දවල් ක්ලාස් එකේ ඉන්නේ කියලා පුංචි
බොරුවකුත් කියලා ක්ලාස් කට් කරලා ඒ ළඟ තියෙන හෝල් එකකට නම් ගියා ෆිල්ම් එකක් බලන්න.
ඔහොම බොරු කියලා බැරි වෙලාවත් අහුවුණොත්?
ඒ දවස්වල ඒ බොරුව අහු වුණා නම් අායේ කතා දෙකක් නැහැ ලොකු දෙයක් වෙනවා ෂුවර්.
යාළුවෝ එක්ක ගමන් යද්දි අමතක නොවන සිදුවිම් එහෙමත් ඇතියි?
අපි දවසක් ගමනක් යන්න කොටුව- පාණදුර බස් එකකට නැග්ගා. අපේ සෙට් එකේ ඉන්නවා බෝනි කියලා යාළුවෙක්. ඉතින් මේ සිද්ධිය වනතෙක් කවදාවත් එයා බස් එකක ගිහින් තිබුණේ නැහැ. ටික දුරක් යද්දි බස් එකේ මිනිස්සුත් පිරිලා. ඉතින් බෝනිට බස් එක පුරුදුත් නැති නිසාදෝ එක පාරටම කොන්දෙස්තර ගෙන් කෑගහලා ඇහුවා අනේ අංකල් මේක මොරටුව නවත්වනවා නේද කියලා. බස් එකේ හිටපු මිනිස්සුන්ට හොඳටම හිනා. අපිටත් වස ලැජ්ජාව ඒත් කරන්න දෙයක් නැහැ අපේ යාළුවා නේ. ඉතින් අපිත් සද්දේ වහලා හිටියා. බහිද්දි කොන්දොස්තර ඇහුවා ඔයලගේ යාළුවා බස් එකේ යන මුල්ම දවසද කියලා.
ආයිත් දවසක් අපි ට්‍රිප් එකක් ගියා අපේ යාළුවෙකුගේ කාර් එකේ. ෂටර්ස් ඔක්කෝම වහලා හයියෙන් සින්දු කිය කියා නට නටා තමයි අපි ගියේ. අපිට ඉතින් එළියේ වෙන කිසිම දෙයක් පෙනුනෙත් නැහැ. පස්සේ මගේ යාළුවෙකුගේ අයියා කෙනෙක් ගෙන් බැණුම් ඇහුවානේ හොඳටම. හොයලා බලද්දියි දැන ගත්තේ එයා අපේ වාහනේ පස්සෙන් ඇවිත් හෝන් කරල අපිට කතා කරලත් තියෙනවා අපි බලන්නෙත් නැතුව නට නටා ගියාලූ.
වොල්ගා වැඩිපුරම ගිහින් තියෙන්නේ කොහේද?
ඒත් උත්තරේ නුවර තමයි.
අහ්! ඔහොම ගිහින් එහෙනම් නුවර කොල්ලෙක් එක්කම දීගෙත් යයිද දන්නැ?
කොල්ලා නුවර නම් හොඳයි. එත් ඉතින් නුවර වුණ පළියටම කැමැති වෙන්න බැහැ නේ.
Comments
Post a Comment