ෆේස්බුක් හිමිකරු සුන්දර වෙරළ තීරයක් මිලදී ගනී.

ලොව විශාලම සමාජජාල වෙබ් අඩවිය වන ෆේස්බුක්හි හිමිකරු මෙන්ම ලාබාලතම ප‍්‍රකෝටිපතියෙක් වන මාර්ක් ෂකර්බර්ග් විසින් හවායි දූපත්හි පිහිටි වෙරළ තීරයක් මිළදීගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
30 හැවිරිදි මාර්ක් ෂකර්බර්ග්ට ඇ.ඩො.බිලියන 33ක පමණ වත්කම් ඇති අතර ඩොලර් මිලියන 100ක් වැයකරමින් කවුවායිහි නම්වන හවායි දූපත්හි සිව්වැනි විශාලතම මුහුදු වෙරළ තීරය ඔහු මිළට ගෙන ඇත. එහි විශාලත්වය අක්කර 700 පමණ වෙයි. මෙම වෙරළ භූමියේ බාගයක් පමණ සුප‍්‍රකට පිලා වෙරළ හා ප‍්‍රිස්ටීන් සුදු වැලි වෙරළ ඇතුළත් අතර අනෙක් පස ඇත්තේ වගා කල ප‍්‍රදේශයක් වේ.

කෙසේ නමුත් වාර්තාවන තොරතුරු අනුව මාර්ක්ගේ බිරිය ප‍්‍රෂිලා ඔහු සමඟ නිවාඩුවක් ගත කිරීමට මින් පෙර අදාල වෙරළට පැමිණ ඇති අතර එහි සුන්දරත්වය නිසාම හා ඇය දැක්වු ආශාව නිසා මෙය මිළදී ගැනීමට මාර්ක් තීරණය කර ඇති බවත් සඳහන් වේ.මේ වෙරළ තීරය තමන්ගේ පවුලේ අය වෙනුවෙන් විනෝදය උදෙසාත් මෙය තමන්ගේ පුද්ගලික පරිහරණය පිණිසත් මිලට ගෙන ඇති බවයි මාර්ක් ප‍්‍රකාශ කර ඇත්තේ. නමුත් වෙරළ මිළදීගැනීමේදී ගණුදෙනුව පිළිබඳ තවමත් තොරතුරු මාධ්‍යයට අනාවරණය කොට නැත.








Comments

Popular Posts

උපේක්ෂා ( පබා) ගේ සරාගි රංගණය

වයසට ගියත් SEX ජීවිතයක් ගත කරන්න ආසයි - බිපාෂා බාසු

ඉන්දියාවේ සිටින සුපර් ස්ටාර් කාන්තාව නයන්තාරා

අනියම් පෙම, කාන්තාවක් පාරේ නිරුවත් කරයි

ලේඩි ගගා පච්චකොටයි.නිතඹ එලියේ